ඉන්දීය ධිවරයින්ගෙන් නාවික හමුදාවට ප්‍රහාරයක්

ජන 15, 2019

    දේශ සීමාව උල්ලංඝණය මෙරට මුහුදු සීමාවට ඇතුළු වන ඉන්දිය ධීවර යාත්‍රාවන් ප්‍රකෝපකාරි සහ අනාරක්ෂික නැව් හැසිරිම් කර නාවික හමුදාවට අයත් යාත්‍රා වලට ද අලාභහානි කර පලා යෑමට උත්සහකරන බව නාවික හමුදාව පවසයි.

    මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ ඉන්දීය ධීවර යාත්‍රා මගින් ප්‍රදේශයේ ධීවර කර්මාන්තයේ යෙදෙන දේශීය ධීවරයින්ගේ දැල් හා අනෙකුත් ආම්පන්න රැසකට ද හානි පමුණුවා ඇත. දේශ සීමා උල්ලංඝණය කරමින් අනවසර ධීවර කටයුතු මැඩ පැවැත්වීමටත් සහ දේශීය ධීවරයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් කටයුතු කරණ බව නාවික හමුදාව කියා සිටී. 

    පසුගිය දින දෙකකදී අනවසරයෙන් ඇතුළු වූ ඉන්දීය ධීවර යාත්‍රා අත්අඩංගුවට ගැනීමට යාමේදී එක් ඉන්දීය ධීවර යාත්‍රාවක් ප්‍රකෝපකාරි සහ අනාරක්ෂිත නැව් හැසිරිම් කර පලා යෑමට උත්සාහ කිරීමේදි නාවික හමුදාවට අයත් යාත්‍රාවක ද ගැටී මුහුදු බත් වී තිබේ. මෙ මගින් නාවික හමුදාවට අයත් කුඩා යාත්‍රාවකට ද අලාභ හානි සිදු වී ඇත.

    අනතුරට පත් ධීවර යාත්‍රාවේ සිටි ඉන්දීය ධීවරයින් තිදෙනා නිරුපද්‍රිතව මුදා ගැනීමට සමත් වූ බව නාවික හමුදාව පවසයි. මුදාගත් ධීවරයින් විසින් සිදු කළ දැනුම් දීමකට අනුව කළ සෝදිසි මෙහෙයුමේදී ඉන්දීය ධීවරයෙකුගේ මළ සිරුරක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් විය. ජනවාරි 12 සහ 13 යන දෙදින නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 20 දෙනා සහ මුදවා ගත් ධීවරයින් අටදෙනා ප්‍රාදේශීය ධීවර පරීක්‍ෂක කාර්යාලයන්ට සහ පොලිස් ස්ථාන වෙත භාර දිමට කටයුතු කර ඇත.

    ශ්‍රි ලංකා දේශසිමාවන් උල්ලංඝණය කරමින් සෑම දිනකම රාත්‍රියේදී ඉන්දීය ධීවර යාත්‍ර 500 ක් පමණ පැමිනෙණ බව නාවික හමුදාව පවසයි.

    Last modified on අඟහරුවාදා, 15 ජනවාරි 2019 13:07

    Latest News