ආපදාවට පෙර නාවික හමුදාවේ සුදානමක්

සැප් 01, 2019

    ගාල්ල, වක්වැල්ල පාලමෙහි සිරවී තිබූ ගස්කොලං සහ කුණුරොඩු ආපදාවක් ඇතිවිමට පෙර ඉවත් කිරීමට නාවික හමුදාව ක්‍රියා කර තිබේ.

    මේ දිනවල විටින් විට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් ගංඟාවල ජල මට්ටම ඉහල යමින් පවතී.

    ඒ අනුව, ගිං ගඟ හරහා වැටී ඇති වක්වැල්ල පාලමේ විශාල උණ පඳුරු, ගස්කොලං හා අපද්‍රව්‍ය සිරවීමෙන් ගඟ දෙපස නිවාසවල ජිවත්වන ජනතාවට ඇති විය හැකි ගං වතුර අවධානමට පිළියමක් ලෙස ආපදාවට පෙර බාධාවකින් තොරව ජලය ගලා යාමට සැලැස්වීම සඳහා නාවික හමුදාව මෙම පියවර ගෙන ඇත.

    නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ මගපෙන්වීම යටතේ දකුණු නාවික විධානය භාර අඥාපති, රියර් අද්මිරාල් කස්සප ගෝඨාභය පෝල්ගේ අධීක්‍ෂණයෙන් ‍දකුණු නාවික විධානයේ නාවිකයින් සහ කිමිදුම් අංශයේ නාවිකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් සිවිල් ජනතාවගේ ද සහාය ඇතිව මෙම ගංවතුර ආපදා තත්වය මැඩපැවැත්වීම ක්‍රියා කළ බව නාවික හමුදාව පවසයි.

    gallebridge1 px 900 19 09 0

    gallebridge2 px 900 19 09 0

    Latest News