සියලුම දහම් පාසල්වලට ද නිවාඩු

ඔක් 05, 2020

    ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක සියලුම බෞද්ධ දහම් පාසල්වලට ද නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    දැනට පවත්නා තත්වය මත දිවයිනේ සියලුම පාසල් සඳහා නිවාඩු ලබා දී ඇති අතර එයට සමගාමීව සියලුම බෞද්ධ දහම් පාසල් ද නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා දැනුම් දී ඇත.

    පාසල් ආරම්භ කිරීමට සමගාමීව දහම් පාසල් ද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගේ උපදෙස් පිළිපදිමින් නැවත ආරම්භ කිරීමට නියමිතය.

    Latest News