උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ඇත්නම් වහාම දන්වන්න

ඔක් 05, 2020

    යම්කිසි ආයතනයක ශ්වසන රෝගීන් හෝ කොවිඩ් 19 හා සමාන උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ තිබෙන අය සිටී නම් වහාම තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිට දැන්විය යුතු බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

    දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත රෝගී කාන්තාවක වාර්තා වීම පිළිබඳව ඊයේ (04 වැනිදා) කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව සඳහන් කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සුදත් සමරවීර මෙසේද පැවසීය.

    මාස 02කට පසුව තමයි අපට සමාජයෙන් රෝගියකු හමුවන්නේ.

    මේ අවස්ථාවේදී ඊළඟට අපට කරන්න තිබෙන ප්‍රධානම දේ තමයි ඇයගේ ආශ්‍රිතයන් හඳුනාගැනීම.

     

    Latest News