බුත්තල රිය අනතුරකින් තරුණයෙක් මරුට

සැප් 29, 2020

    වැල්ලවාය - බුත්තල ප්‍රධාන මාර්ගයේ බුත්තල නගරය ආසන්නයේ දී ඊයේ (28) සිදු වූ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත් වී තිබේ.

    ටිපර් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත.අනතුරින් පසු තුවාල ලැබූ යතුරුපැදිකරු රෝහල් ගත කර ඇති අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    මෙසේ මියගොස් ඇත්තේ උඩ ආරාව,ඌව පැල්වත්ත ලිපිනයේ පදිංචි වයස අවුරුදු 22ක් වන එදිරිසිංහ පටබැදිගේ මල්ෂාන් ප්‍රබෝධන නැමැති තරුණයෙක්.

    අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු බුත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ටිපර් රථ රියදුරුගේ අපරික්ෂාකාරි රිය ධාවනය අනතුරට හේතුව බව පොලීසිය පවසයි.

    අත්අඩංගුවට ගත් ටිපර් රථ රියදුරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයටඅද (29) ඉදිරිපත් කිරීමට නියමිතයි.

    20200928 161337

    20200928 161210

    20200928 161315

    20200928 161232

     

    Latest News