රට අරාජික වීමට කිසිසේත්  ඉඩ නොතබන බවත් රටේ දේශපාලන ස්ථාවර භාවය පවත්වාගෙන යාම සඳහා ගන්නා  තීරණ සමඟ කටයුතු  කිරීමට සූදානම් බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

වර්තමානයේ රටේ උද්ගතවී ඇති තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍යතුමාගේ වි‍ශේෂ ප්‍රකාශය

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද දින රාත්‍රී 7.30ට විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

“හරිත දැයක්” ජාතික ගෙවතු වගා සංග්‍රාමය - 2022 ජාතික වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් අද (29) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිර පරිශ්‍රයේ දී කොස් පැලයක් රෝපණය කළේය. 

දැනට පවතින මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති රීතිවල අඩුපාඩුකම් හඳුනා ගැනීම සඳහා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් පත් කිරීමට අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කර ඇති යෝජනාව ලබන 05 වැනි සඳුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති.

රට තුළ ගෑස් හිඟයක් නොමැති අතර උත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව මුදල් අමාත්‍ය සහ  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (18) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍යතුමාගේ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලෙස ඒ.එම්.ඩී.එච්. ධනසිරි අමරතුංග මහතා පත් කර තිබේ.

කොව්ඩ-19 වෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහ භූමදානය කළ හැකි දැයි සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා සෞඛ්‍ය ප්‍රධානීන් අතර විශේෂ සාකච්ජාවක් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ඊයේ (10) පැවැත්විණ.

ශ්‍රී ලංකාවේ චීන සංගමය සංවිධාන කළ චීන මහජන සමූහාණ්ඩුවේ 71 වැනි ජාතික දින සැමරුම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්විණ.

උතුරු මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නිරීක්ෂණය සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැමිණියේය.

Latest News