වැසිකිළි වළට වැටුණු දැරිය මියයයි

සැප් 28, 2020

    මාවනැල්ල, මාවෙල, හිඟුල ප්‍රදේශයේ පදිංචිව සිටි කුඩා දැරියක් මිඳුල අතුගාමින් සිටිය දී වැසිකිළි වළකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

    අනතුර සිදුව ඇත්තේ ඊයේ (27) උදෑසන 8.15ට පමණ.

    වැසිකිළි වළට යොදා තිබූ කොන්ක්‍රීට් ආවරණයෙන් කොටසක් කැඩී එය තුළට වැටී තිබෙන බවයි පොලීසිය පවසන්නේ.

    වයස අවුරුදු 14 ක් වු ඇය 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි.

    එහිදී විෂ වායුවක් ආග්‍රහනය වීමෙන් දැරිය මියගොස් ඇති බවට,පශ්චාත් මරණ පරීක්ෂණය මාවනැල්ල රෝහලේ දී සිදුකිරීමෙන් අනතුරුව හෙළිව තිබේ.

    Latest News