ගල් පෙරළීම නිසා හැටන් - කොළඹ මාර්ගයේ ගමනාගමනයට බාධා

සැප් 24, 2020

    හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයට විශාල ගල් පර්වතයක් පෙරලිමෙන් එම මාර්ගයේ ගමනා ගමනය සම්පුර්ණයෙන්ම ඇණ හිටි විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

    ගිනිගත්හේන, රම්පාදෙණිය ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට විශාල ගල් පර්වතයක් පෙරලිම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු (24) දින උදැසන 7.00 සිට ඇණ හිට තිබේ.

    තවත් ගල් පර්වත කිහිපයක් ප්‍රධාන මාර්ගයට ගැලවි ඒමේ අවධානම නිසා ප්‍රධාන මාර්ගයට ගලැවි වැටි ඇති ගල් පර්වතය ඉන් ඉවත් කරන තෙක් එම මාර්ගයේ ගමන් ගන්නා වාහන ගිනිගත්හේන දියගල, නෝටන්බ්‍රිජ්, ලක්ෂපාන,කළුගල මාර්ගයන් භාවිතා කරන ලෙස ගිනිගත්හේන පොලිසිය රියදුරන්ට දැනුම් දෙයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 24 සැප්තැම්බර් 2020 10:11

    Latest News