ලෝක බැංකුවෙන් ආර්ථිකයට සහතිකයක්

ජන 10, 2019

    මේ වසරේ දී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 4කින් වර්ධනය වනු ඇති බවට, ලෝක බැංකුව අනාවැකි පළ කරයි.

    බැංකුව, නිකුත් කළ “ග්ලෝබල් ඉකොනොමික් ප්‍රොස්පෙක්ටිස්“ වාර්තාවේ දැක්වෙන්නේ, සමස්ත ලෝක ආර්ථික වර්ධනය සියයට 2.9 දක්වා පහළ යන බවයි.
    ශ්‍රී ලංකාව ආර්ථික වර්ධනය සඳහා නිවැරදි මාවතට යොමුවී ඇතැයි, ලෝක බැංකුව නිකුත් කළ “ග්ලෝබල් ඉකොනොමික් ප්‍රොස්පෙක්ටිස්“ වාර්තාව පෙන්වා දෙයි.

    ඉකුත් වසරේ සිදුවූ කාලගුණික ආපදාවලට පසු මෙරට ආර්ථිකය වර්ධනය වී ඇත්තේ, සියයට 3.9කිනි. ඊට ප්‍රමුඛ දායකත්වයක් ලබා දී ඇත්තේ, සේවා සහ කෘෂිකාර්මික ක්‍ෂේත්‍ර මගිනි. කෙසේ වෙතත්, මේ වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණ ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි සෘණාත්මක ලෙස බලපානු ඇතැයි, ලෝක බැංකු වාර්තාවේ දැක්වේ. එහි පුරෝකතනයන්ට අනුව, දකුණු ආසියානු කලාපය මේ වසරේ සියයට 7.1 උපරිම වර්ධන වේගයක් අත්කර ගැනීමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 10 ජනවාරි 2019 19:48

    Latest News