කවුරුත් නොබැලු පිරිසක් ගැන රජයේ අවධානය

ජන 10, 2019

    ආර්ථික ප්‍රතිපත්තියේ මුල්තැන ගන්නේ ජනතාව මුදල් රාජ්‍ය ඇමති ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

    සමාජ වෙළඳපොළ ආර්ථිකයත් තාරුණ්‍ය ජාත්‍යන්තර වෙලඳපොළට සුදුසු පුරවැසියෙක් ලෙස නිර්මාණය කරණ බව ඔහු කියා සිටියේය. අද (10) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැති මාධ්‍ය හමුවක දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    පසුගියද සිදුවීමෙන් රටට සිදු වූ හානිය වැඩියි. 2014 වසරේ රට බාරගන්න විට රටට පැමිණි විදේශ සංචාරකයින් ප්‍රමාණය ලක්ෂ 15ක් පමන වුණා. බොහොම කෙටිකාලයක් තුළ 2018 වර්ෂය වන විට ලක්ෂ 23කට ඉහළ ගියා. ආදායම ලෙස එය ඩොලර් බිලියන 2.4 සිට 6.3ක්.

    අපිට ඩොලර් මිලියන 250ක් අහිමි වුණා අපට සංචරක ව්‍යාපාරයෙන්. අපි ආර්ථිකය කලමනාකරණය කරගෙන ආවා. රටේ ආදායම මේ අවුරුදු තුන තුළ වැඩි වුණා. උද්ධම්නය විශාල ලෙස අඩු වුණා. සෘජු විදේශීය ආයෝජනය වැඩි වුණා. ඉතිහාසයේ වැඩිම සෘජු විදේශීය ආයෝජනය 2018 වසරේ තිබුණේ. එය ඩොලර් බිලියන 1.9ක්.

    ක්ෂුද්‍ර ආර්ථිකය ශක්තිමත් පදනමකින් තිබුණා. ණය ගෙවීම පිළිබඳ අභියෝගයක් තිබෙනවා. ණය වාරික පැහැදිළිව ගෙවනවා. රට ගැන තිබූ අවිශ්වාසය නැති කරන්න කටයුතු කරනවා. පොදු ප්‍රවාහනය දියුණු කරන්න ඕන. කාන්තාවන් අධ්‍යාපනයෙන් ඉදිරියට ඇවිත් තියෙනවා. කාන්තාවන්ට ප්‍රවාහන ගැටළු තිබෙනවා. මේ අයවැයෙදී යම් යම් පියවර ගන්නව. කාන්තාවන්ගෙන් ආර්ථික වර්ධනයට දායක කරගැනීමට අයවැයෙන් සඳහන් කරන්න යනවා. මාතර හම්බන්තොට මාර්ගය විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා වසර අවසන් වන විට. අපේ ගම මුළු රටම. අපි රටම ගැන සිතන්න ඕන. මුළු රටම ගැන සිතලයි මාර්ග පද්ධතිය හදන්නේ. ජනතව තමයි තීරණය කරන්නේ. අපේ ආර්ථික ප්‍රතිපත්තියේ මුල්තැන ගන්නේ ජනතාවයි.

    අපේ යොමුව තිබෙන්නේ තරුණ්යයටයි. ඒ සඳහා වැඩියෙන් ආයෝජනය කරනවා. කවුරුත් විශ්වවිද්‍යාලයට නොයන 1,38,000 ගැන කතා කරන්නේ නෑ. අපේ යොමුව තිබෙන්නේ එතැනටයි. හැම දරුවාම අපට විශේෂයි. හැම දරුවෙකුට උසස් අධ්‍යාපනය ලබාදිය යුතුයි. උසස් අධ්‍යාපනය දෙන්න බැරි මුදල නැති නිසයි.

    උසස් අධ්‍යාපනය හැදැරීමට මුදල් ලබදීමේ වැඩපිළිවෙල පුළුල් කරනවා. ගිය අයවැයෙන් අප හඳුන්වා දුන්නා. සමාජ වෙළඳපොළ ආර්ථිකයක් අප හදන්න. බදු ගෙවන ජනතාව මුදලින් අප ඉගෙන ගත්තේ. අපි තරූණ්‍ය හදන්නේ ජාත්‍යන්තර වෙලඳපොළට සුදුසු පුරවැසියෙක් හදන්න යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

     

    Latest News