ගිනිගත් නෞකාවේ හිමිකරුවන්ගෙන් කෝටි 34ක් ඉල්ලයි

සැප් 16, 2020

    නීතිපතිවරයා විසින් ගිනිගත් “MT New Diamond“නෞකාවේ හිමිකරුවන්ගේ නීතිඥවරුන් වෙත නෞකාවේ ගින්න නිවීමට දැක්වු සහයට හා ඊට අදාළ කටයුතු සඳහා දැරූ වියදම හානි පූර්ණය කිරීම සඳහා හිමිකම් ඉල්ලීමක් ලිඛිතව ඉදිරිපත් කර තිබේ.

    නාවික හමුදාව, ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, කොළඹ ඩොක්යාඩ් සමාගම, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය හා වෙරළ ආරක්ෂණ දෙපාර්තමේන්තුව යන සියලුම පාර්ශවයන් නෞකාවේ ගින්න නිවීම සඳහා දැරූ වියදම් ලෙස රුපියල් මිලියන 340ක් ලෙස ගණනය කර අද (16) දින නෞකාවේ අයිතිකරුවන් වෙත ඉදිරිපත් කර ඇත.

    Latest News