ඉකුත් දා ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමනඩ් නෞකාවේ කපිතාන්වරයා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස නීතිපතිවරයා කළ ඉල්ලීමට අවසර නුදුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා එම කපිතාන්වරයාගේ විදේශ ගමන් තහනම් කිරීමට පියවර ගන්නා ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළා.

මෙරට මුහුදු සීමාවේදී ගිනි ගෙන අනතුරට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් ඉල්ලා තිබූ රුපියල් මිලියන 440 ක සම්පූර්ණ වන්දි මුදල ඉතා ඉක්මනින් ලබාදීමට එම සමාගම එකඟතාව පළ කර තිබේ.

නීතිපතිවරයා විසින් ගිනිගත් “MT New Diamond“නෞකාවේ හිමිකරුවන්ගේ නීතිඥවරුන් වෙත නෞකාවේ ගින්න නිවීමට දැක්වු සහයට හා ඊට අදාළ කටයුතු සඳහා දැරූ වියදම හානි පූර්ණය කිරීම සඳහා හිමිකම් ඉල්ලීමක් ලිඛිතව ඉදිරිපත් කර තිබේ.

ගිනිගැනීමට ලක්වූ “MT New Diamond”නෞකාවෙන් මුහුදට කාන්දු වී ඇත්තේ දැවි තෙල් බවට හඳුනාගැනීමෙන් අනතුරුව එම කාන්දුවට හේතුවූ සිදුරු වසා දැමීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.

Latest News