2020 කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය ලබන 18 වැනිදා සිට

සැප් 16, 2020

    2020 කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය ලබන 18 වැනිදා සිට 27 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පැවැත්වේ.

    ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය 22 වන වරටත් සංවිධාන කරන පොත් ප‍්‍රදර්ශනය, කෝවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර පැවැත්වෙන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලවයි.

    කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයට සමගාමීව මෙරට නවකතාකරුවන් දිරිගැන්වීම වෙනුවෙන් සෑම වසරකම ස්වර්ණ පුස්තක සම්මාන උළෙල ද සංවිධාන කෙරේ

    Latest News