වනඅලි නැරඹීම ගැන වනජීවී නිලධාරීන්ගෙන් දැනුවත් කිරීමක්

සැප් 14, 2020

    වන අලින් නැරඹීම සඳහා ඔවුන් අසළ වාහන නවතාගෙන සිටීම නොකරන්නැයි,වනජීවී නිලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    දඹුල්ල - හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේ බොහෝ විට ජනතාව මෙලෙස වන අලි නරඹන බවයි, වාර්තා වන්නේ. අවස්ථා ගණනාවකදීම මෙම ස්ථානයේ මිනිස් ජීවිත කිහිපයක් අහිමිව ගියේ වාහනවලට වන අලින් පහරදීම නිසයි.

    අවවාදාත්මක දැන්වීම් රක්ෂිතය දෙපස ප්‍රදර්ශනය කර තිබුණද, ඇතැම් පුද්ගලයන් ඒවා විනාශ කරන බව ද වනජීවී නිලධාරීන් පෙන්වා දෙයි. ඇතැම් අවස්ථාවල වන අලි ආසන්නයට ගොස් නැරඹීම, ආහාර ලබා දීම සහ අලින් සමග ඡායාරූප ගැනීම සිදු කරන බව පෙනී යයි. එය අනාරක්ෂිත බවයි, වන ජීවී නිලධාරීන් පවසන්නේ.

    Latest News