ස්ථීරවම රැඳවියන් 476කට මරණ දඩුවම

ජන 10, 2019

    රැඳවියන් 476 දෙනෙකුට ස්ථීර වශයෙන්ම මරණ දණ්ඩනය නියම කර ඇති බව, අධිකරණ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.

    ඉන් 426 දෙනෙක් පිරිමි වන අතර, 50 දෙනෙක් කාන්තාවෝ වෙති. 2018 වසරේ දෙසැම්බර් 31 වැනි දින වන විට ස්ථීර වශයෙන්ම මරණීය දණ්ඩනය නියම වූ රැඳවියන් හා මරණීය දණ්ඩනයට ලක්ව අභියාචනා ඉදිරිපත් කර ඇති රැඳවියන් 1,299 දෙනෙක් මෙරට බන්ධනාගාර තුළ රඳවා සිටී.

    පිරිමි පුද්ගලයන් 1,215 දෙනෙක් හා කාන්තාවන් 84 දෙනෙක් ඒ අතර වෙති. අභියාචනා ඉදිරිපත් කර ඇති රැඳවියන් අතරින් පිරිමි රැඳවියන් 789 දෙනෙක් හා කාන්තා රැඳවියන් 34 දෙනෙක් තමන්ට නියම කර ඇති මරණ දඩුවම සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කර තිබේ.

    Latest News