සෞදියෙන් පිටවයන ලාංකිකයන්ට කිසිදු දඩයක් නෑ

සැප් 08, 2020

    තම රටින් පිටත්ව යන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් සඳහා කිසිඳු ගාස්තුවක් හෝ දඩ මුදලක් අය නොකිරීමට, සෞදි රජය තීරණය කර තිබේ.

    කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් මුහුණ දී ඇති තත්වය සැලකිල්ලට ගනිමින් තාවකාලික පියවරක් ලෙසයි, මෙය ගෙන ඇත්තේ.

    වීසා වලංගු කාලසීමාව තුළ දී සෞදි අරාබියෙන් පිටවීමට නොහැකිවූ ඕනෑම ආකාරයක වලංගු හෝ කල් ඉකුත් වූ සංචාරක වීසා බලපත්‍රයක්, නැවත ඇතුළු වීමේ වීසා බලපත්‍රයක් හෝ අවසාන පිටවීමේ වීසා බලපත්‍රයක් ඇති ඕනෑම ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙකුට මේ අවස්ථාව හිමිවෙයි.

    මෙම තීරණය දෙරට අතර දැනට පවතින ද්විපාර්ශ්වික සබඳතාවන්ගේ ප්‍රතිඵලයක්. ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය සහ රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සෞදි බලධාරීන් සමග පවත්වාගෙන යනු ලබන ක්‍රියාකාරී සබඳතාව ද මින් අවධාරණය කෙරේ.

    Last modified on අඟහරුවාදා, 08 සැප්තැම්බර් 2020 16:10

    Latest News