වැසි සමඟ ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක

සැප් 03, 2020

    පවතින වර්ෂාපතනයත් සමග ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි.

    එහි අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ 25 ක් වාර්තා වී ඇති බවයි.

    එම කාලය තුළ මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 26,238 කි.

    ඒ හේතුවෙන් තමන් ජීවත්වන පරිසරය පිරිසිදුව තබා ගන්නා ලෙස ඔහු මහජනතාවට දැනුම් දෙයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 03 සැප්තැම්බර් 2020 17:42

    Latest News