උද්භිද උද්‍යාන සංවර්ධනයට රු.මිලියන 72ක්

සැප් 01, 2020

    දිවයින පුරා පිහිටි උද්භිද උද්‍යාන සංවර්ධනය සඳහා රුපියල් මිලියන 72ක් වෙන් කෙරේ.

    ඉදිරි මාස හතර සඳහා මෙම මුදල වෙන් කර ඇතැයි සංචාරක ඇමත ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඒ අනූව මේ වන විට උද්භිද උද්‍යාන පහක සිදුකෙරන සංවර්ධන කටයුතු බොහෝමයක් මේ වසර අවසන් වන විට නිම කිරීමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

    හම්බන්තොට මිරිජ්ජවලි උද්භිද උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව පැවති සාකච්ජාවක දී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

    විශාලතම උද්භිද උදානය ලෙස සැලෙකන ඡල උද්භිද උද්‍යානය මෙරට වියළි කලාපයේ පිහිටි එකම උද්භිද උද්‍යානයයි.

    අක්කර 300 න් සමන්ත මෙම උද්භිද උද්‍යානයේ අක්කර 200කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට සංවර්ධනය කර තිබේ. චෝගම් සමුළුවට අවස්ථාවේ දිවයිනට පැමිණි රාජ්‍ය නායකයන් 52ක් විසින් එම අවස්ථාව සංකේතවත් කිරීම සදහා රෝපණය කරන ලද ගස්වර්ග 52ක් මෙහි වෙයි. මෙම උද්භිද උද්‍යානය 2013 නොවැම්බර් මස 14 වැනිදා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරිණ. මෙය වියළි හා ශුෂ්ක කලාප වලට අවේණික ශාක සංරක්ෂණය සඳහාම නිර්මාණය වූවකි. මෙම උද්භිද උද්‍යානයේ මාවත් 28ක් නම් කර ඇත්තේ ශාකවල නම් වලින් වීම විශේෂත්වයක්. වියළි කලාපය තුළම තෙත් කලාප සංරක්ෂණය කිරිම ද මෙම උද්භිද උද්‍යානය තුළ සිදු කෙරේ. දේශීය හා විදේශීය පතොක් ශාක රැසකින් මෙය සමන්විතයි. එමෙන්ම, කාන්තාර ආකෘතියක් සහිත එකම උද්භිද උද්‍යානය ද මෙයයි.

    Latest News