පානීය ජලය ගැන අසත්‍ය වැපුරු 02ක් රිමාන්ඩ් භාරයට....... නිතිපතිටත් නියෝගයක්

මැයි 03, 2019

    පානීය ජලයට වස මිශ්‍ර කර ඇති බවට ජනතාව අතර අසත්‍ය ප්‍රචාරය කරමින් ජාතීන් අතර සංහිඳියාව කඩාකප්පල් කිරීමට උත්සහ කළ පුද්ගලයින් දෙදෙනෙකු ලබන 17 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    මෝදර පොලීසිය සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය හමුවට අද ඉදිරපත් කරනු ලැබිණ. බ්ලූමැන්ඩල් පොලිස් වසමේ පානීය ජලයට වස මිශ්‍ර කර ඇති බවට ශබ්දවාහිනී යන්ත්‍ර මගින් එම සැකකරුවන් අසත්‍ය ප්‍රචාරයක් සිදු කර ඇති බව මෝදර පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

    ඔවුන් ජාතීන් අතර පවතින සුහදතාව කඩාකප්පල් කිරීමට ක්‍රියා කර ඇති බවත් එමඟින් ඔවුන් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය පනත යටතේ වරදක් සිදුකර ඇති බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියා. සැකකරුවන් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ යම් වරදක් සිදු ඇති ද යන්න පිළිබඳව නීතිපතිවරයාගෙන් විමසා උපදෙස් ලබා ගන්නා ලෙස මෙහිදී මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළේය.

    ඒ පිළිබඳව ලබන 17 වනදා අධිකරණය දැනුවත් කරන මෙන් පොලිසියට නියෝග කළ මහෙස්ත්‍රාත් වරයා එතෙක් සැකකරුවන් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කෙරිණ.

     

    Latest News