මත්ද්‍රව්‍ය වැටලීම්වලින් බස්නාහිර 400ක් අත්අඩංගුවට

අගෝ 31, 2020

    බස්නාහිර පළාත තුල ඊයේ උදේ 6.00 සිට අද අලුයම 5.00 දක්වා පොලීසිය කළ වැටලීම්වල දී මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීතිවිරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ බවට සැකපිට 400 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    එම කාලසීමාවේ සිදුකර ඇති වැටලීම් සංඛ්‍යාව 386ක්. හෙරොයින් ජාවාරම් හා සම්බන්ධ වැටලීම් 171ක් සිදු කෙරුණු අතර එහිදී සැකකරුවන් 171ක් අත්අඩංගුවට ගනු ලැබීය. ගංජා ජාවාරම් සම්බන්ධයෙන් 94 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 85 දෙනෙක්.

    ගෝඩා සහ අයිස් මත්ද්‍රව්‍ය සැකකරුවන් 17 දෙනෙක් ද වෙනත් නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් 33 දෙනෙක් ද අත්අඩංගුවට ගත් පිරිස අතර වෙයි. හෙරොයින් සම්බන්ධ වැටලීම් සිදුකර ඇත්තේ, මෝදර,පානදුර දකුණ,මීගමුව,සපුගස්කන්ද හා මරදාන යන ප්‍රදේශවලදී.

    Latest News