හිටපු අගමැති අද පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට

අගෝ 31, 2020

    හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට අද පැමිණීමට නියමිතයි.

    ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට ඉකුත් 21 වැනිදා පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට ජනාධිපති කොමිසම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී තිබිණ. එහෙත් එදින තමාට පැමිණීමට නොහැකි බැවින් තමන් අද දිනයේ පැමිණීමට බලාපොරොත්තු වන බවයි, හිටපු අග්‍රාමාත්‍යවරයා කොමිසමට දැනුම් දෙනු ලැබුවේ.

    Latest News