අයිස් මත්ද්‍රව්‍ය සමග තිදෙනෙක් අත්අඩංගුවට

අගෝ 31, 2020

    අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 481ක් සමග සැකකරුවන් තුන් දෙනෙක් බම්බලපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    බම්බලපිටිය ප්‍රදේශයේ දී අයිස් ග්‍රෑම් 62යි මිලිග්‍රෑම් 650ක් සමග එක් සැකකරුවෙක් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත. සෙසු සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ කෙසෙල්වත්ත ප්‍රදේශයේදී.

    ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 395යි මිලිග්‍රෑම් 847ක් සහ අනෙක් පුද්ගලයා සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 31යි මිලිග්‍රෑම් 450ක් පොලිස් භාරයට ගෙන ඇත.

    Latest News