කරදියාන කුණු කන්දේ ගින්න මැඩපවත්වයි

අගෝ 31, 2020

    පිළියන්දල, කරදියාන කුණු කන්දේ හටගත් හදිසි ගින්න මේ වන විට මැඩපවත්වා ඇති බව මොරටුව ගිනි නිවිමේ දෙපාර්තමේන්තුව පවසයි.

    කරදියාන කුණු කන්දේ පහළ කොටසේ හදිසි ගින්න හටගැනුණේ ඊයේ රාත්‍රී 09.00ට පමණයි.

    මොරටුව සහ ගල්කිස්ස ගිනි නිවිම් ඒකකවල නිලධාරින් එම ස්ථානයට ගොස් ගින්න මැඩපැවැත්විමට පියවර ගැනුණු අතර පැය තුනක පමණ කාලයකින් ගින්න නිවා දැමීමට හැකිවූ බව වාර්තා වෙයි.

    Latest News