පොඩි ලැසීගේ සමීපතමයෙක් බලපිටියෙන් අල්ලයි (වීඩියෝ)

අගෝ 28, 2020
  • සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස සැලකෙන ජනිත් මධුශංක නොහොත් "පොඩි ලැසී" සහ ජයලත් සුද්දා නැමැත්තාගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගැණුනා.

    T-56 ගිනි අවි ඇතුළු අවි ආයුධ හා උණ්ඩ සමග ඔවුන් අත්අංගුවට පත් වූයේ බලපිටිය, වඳදූව ප්‍රදේශයේ දීයි.

    කොළඹ පොලිස් විශේෂ කාර්යය බලකා මූලස්ථානයට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

    අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී ටී-56 ගිනි අවියක්, මැගසින් 04ක්, උණ්ඩ 98ක්, පතරොම් තුවක්කු 02ක්, 9mm උණ්ඩ 53ක්, දුම්බෝම්බ 02ක්, අත්බෝම්බයක් සහ අත්විලංගුවක් සොයා ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත බාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

    Last modified on සිකුරාදා, 28 අගෝස්තු 2020 20:19

    Latest News