බදුල්ල මහ රෝහලේ කණිෂ්ඨ සේවක වැඩ වර්ජනයක්

ජන 08, 2019
  • බදුල්ල මහ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහයක මණ්ඩලය වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

    වැඩ වර්ජනයේ නිරත රෝහලේ සෞඛ්‍ය කාර්ය සහයක සේවකයින් පවසන්නේ වැඩබලන අධ්‍යක්ෂක අත්තනෝමතික ලෙස අභ්‍යන්තර මාරුවීම් සිදුකර ඇති බවයි.
    අභ්‍යන්තර මාරුවීම් සාධාරණ ලෙස සිදුකළ බව බදුල්ල මහ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක හේමන්ත ද සිල්වා සහ වෛද්‍යවරුන්ගේ සංගමයේ ඌව පාළාත් ලේකම් පාලිත රාජපක්ෂ පවසයි.

    මෙම වැඩ වර්ජනය නිසා රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටී.

    Latest News