කොරෝනා රෝගීන් සඳහා රුධිර ප්ලාස්මා ප්‍රතිකාර

අගෝ 24, 2020

    රෝහල්ගතව සිටින රෝගීන් සඳහා කොවිඩ්-19 ප්‍රතිකාරයක් ලෙස වෛරසය ආසාදිතව සුවය ලැබූවන්ගෙන් ලබාගන්නා රුධිරයෙන් ලබාගන්නා ප්ලාස්මා භාවිතයට එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය විසින් අවසරය නිකුත් කර තිබේ.

    කොවිඩ් - 19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමේදී මෙය ඵලදායී විය හැකි බවත්, මෙහි දන්නා සහ විභව ප්‍රතිලාභ බලාපොරොත්තු විය හැකි අවදානම්වලට වඩා වැඩි බවත් එම ආයතනය වැඩිදුරටත් පවසයි.

    මෙම රුධිර ප්ලාස්මා නිර්මාණය වන්නේ කොවිඩ්-19 වෙතින් සුවය ලැබූ අයගේ රුධිරයෙන් වන අතර එය තවත් මාරාන්තික කොරෝනා වෛරස් තත්ත්වයන් ද්විත්වයක් සඳහා මීට පෙර සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇත. එමෙන්ම ඉබෝලා රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා මෙම ක්‍රමය මීට පෙර භාවිත කර ඇත. මේ වනවිට එක්සත් ජනපදයේ 60,000කට වැඩි පිරිසකට මෙම ප්‍රතිකාරය සිදුවෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

    Latest News