කෘතිම රුධීරය මිනිසුන්ට

නොවැ 07, 2022

    රසායනාගාරයක නිපද වූ කෘතිම රුධිරය, ප්‍රථම වරට මිනිසුන් වෙත ලබා දී තිබෙනවා. එය, මිනිස් සිරුර තුළ ක්‍රියාත්මක වන්නේ, කෙසේ ද යන්න පිළිබඳ පරීක්ෂා කිරීම මෙහි අරමුණයි.

    රසායනාගාරයක් තුළ නිපද වූ රුධිරය ඉතා සුළු ප්‍රමාණවලින් මෙලෙස පුද්ගලයින් කිහිප දෙනෙක් වෙත ලබා දී ඇති බවයි, වාර්තා වන්නේ. මෙම පරීක්ෂණය සාර්ථක වුවහොත්, ඉතා දුර්ලභ රුධිර වර්ගයන් හිමි පුද්ගලයින් සහ නිරතුරුවම, රුධිරය පාරවිලයනය කළ යුතු රෝගීන්ට මෙමගින්වත් අත්වැසිල්ලක් ලැබෙනු ඇති බවයි, පර්යේෂකයින් පවසන්නේ.

    ඇතැම් දුර්ලභ රුධිර ඝනයන්හිමි පුද්ගලයින් මුළු බ්‍රිතාන්‍ය‍යේම සිටින්නේ, දස දෙනෙකුටත් අඩු ප්‍රමාණයක් බව, එම විද්‍යාඥයින් පවසනවා. මේ ආකාරයෙන් කෘතිමව නිපද වූ රුධිරය පුද්ගලයින් හට ලබාදීම සාර්ථක වුවහොත්, මෙම රෝගීන් හට මහත් අස්වැසිල්ලක් වනු ඇති.

    Latest News