ගල්කිස්ස මුහුදේ අතුරුදන්වුවන් සොයා තවදුරටත් මෙහෙයුම්

අගෝ 24, 2020

    ගල්කිස්ස මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙක් ඊයේ (23) පස්වරුවේ මුහුදු රළට ගසා ගොස් අතුරුදන්ව තිබේ.

    ඔවුන් සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. ගල්කිස්ස ප්‍රදේශයේ මෑන්පවර් නියෝජිත ආයතනයක සේවයේ නිරත පිරිසක් ඊයේ පස්වරු 2.45ට පමණ ගල්කිස්ස මුහුදේ දිය නෑමට ගොස් තිබේ. 13 දෙනෙකුගෙන් යුත් එම පිරිසෙන් 7 දෙනෙක් එහිදී මුහුදු රළට හසු වී ගසාගෙන ගොස් තිබේ.

    පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ඉන් තරුණයින් පස්දෙනෙක් බේරා ගැනුණ. කෙසේවෙතත් තවත් තරුණයින් දෙදෙනෙක් මේ වන විටත් අතරුදන්ව සිටියි. 18 හා 19 හැවිරිදි ඔවුන් පූඬළුඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.

    Latest News