වීසා නැති නයිජීරියානු 6ක් ගල්කිස්සේ දී අත්අඩංගුවට

අප්‍රේ 29, 2019

    ගල්කිස්ස, වටරප්පල පල්ලිය පාරේ නිවසක කාමර දෙකක් කුලී පදනම මත ලබාගෙන වීසා නොමැතිව රැදීසිටි නයිජීරියානු ජාතික පුද්ගලයන් 6 දෙනෙකු ගල්කිස්ස පොලිසිය මගින් ඊයේ (28) අත්අඩංගුවට ගැනිණ.

    මොවුන් සංචාරක වීසා මත දිවයිනට පැමිණ විවිධ ස්ථානවල ලැඟුම් ගෙන සිටිබව මෙහිදී අනාවරණය විය. මෙලෙස දිවයිනට පැමිණ මොවුන් කුමන ක්‍රියාවල නියැලුනේද යන්න පොලිසිය විසින් පරීක්ෂණ සිදුකෙරේ. මෙසේ වලංගු වීසා බලපත්‍ නොමැතිව සිටි මෙම පුද්ගලයන් හෙට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. වැඩිදුර පරීක්ෂණ කටයුතු ගල්කිස්ස පොලිසිය මගින් ක්‍රියාත්මකයි.

    Last modified on සදුදා, 29 අප්‍රේල් 2019 09:39

    Latest News