තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

අගෝ 23, 2020

    එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ, ඔස්ට්‍රේලියාවේ, කෙන්යාවේ සහ කටාර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයින් 376 දෙනෙක් අද (23) අලුයම දිවයිනට පැමිණ තිබේ.

    ඒ අතරින් ඔස්ට්‍රේලියාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 239 දෙනෙක් මත්තල ගුවන්තොටුපළ හරහා දිවයිනට පැමිණ ඇති බවයි අප වාර්තාකාරු පැවසුවේ.

    ඊට අමතරව කෙන්යාවේ සිට පුද්ගලයන් 83 දෙනෙක්,එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට 35 දෙනෙකු, කටාර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 19 දෙනෙක් කටුනායක ගුවන්තොටුපළ හරහා දිවයිනට පැමිණ තිබේ.

    Latest News