විදුලිය බිඳ වැටීම ගැන වාර්තාව හෙට

අගෝ 23, 2020

    පසුගිය සඳුදා දින රට පුරා විදුලිය බිඳ වැටීම පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව හෙට විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත භාරදීමට නියමිත බව වාර්තා වෙයි.

    අදාළ කමිටුව ඊයේ බත්තරමුල්ල - පැලවත්තේ පිහිටි ලංකා විදුලිබල මණ්ඩල පද්ධති පාලන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

    මේ අතර අකුරැස්ස ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේ විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාවෙහි මෙය වගකිව යුත්තේ අමාත්‍යාංශය ලෙස සඳහන් වුවහොත්, තමන් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

    Last modified on ඉරිදා, 23 අගෝස්තු 2020 12:02

    Latest News