විධිමත් ක්‍රමවේදයකට අනුව උපාධිධාරීන්ට රැකියා

අගෝ 21, 2020

    ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙල මේවන විට ක්‍රියාත්මක බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රැකියා විරහිත උපාධිදාරින් උපාධිධාරින්ට රැකියා ලබා දීමේ වැඩපිළි‍වෙළ ක්‍රියාත්මක වූ බවත් එහෙත් මැතිවරණ කොමිෂන් සභාවේ නියමය පරිදි පසුගිය මැතිවරණය හේතුවෙන් එම වැඩපිළිවෙළ අතරමගදී නතර වූ බවත් එහෙත් එම උපාධිධාරින් කැඳවීමේ වැඩපිළි‍වෙළ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් මේ වන විට ආරම්භ කර ඇති බවත් සභානයක, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    රජයේ ඉදිරිවැඩපිළිවෙළ පැහැදිලි කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (20) පැවති පළමු පාර්ලිමේන්තු සැසිවාරයේදී මේ පිළීබඳව ඉතා පැහැදිළිව සදහන් කළ බවත් විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ පිළිගත් විශ්වවිද්‍යාලයක හෝ අනුමත ඒ හා සමාන ආයතනයක උපාධිධාරි වූ සියළු රැකියා විරහිත උපාධිධාරින්ට රැකියා ලබා දෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    ස්ථාවර නියෝග 27/2 යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් උපාධිදාරින්ගේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙල සම්බන්ධව අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සභානායකවරයා මේ බව සඳහන් කළේ ය.

    Latest News