රංජිත් සියඹලාපිටිය යළිත් ඉල්ලා අස්වෙයි

මැයි 07, 2022

    නියෝජ්‍ය කථානායකවරයා ලෙස පසුගියදා (06) තේරී පත් වූ රංජිත් සියඹලාපිටිය යළිත් වරක් එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

    ඒ අනුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට නියමිත බවයි, වාර්තා වන්නේ.

    නව නියෝජ්‍ය කථානායකවරයෙකු තේරී‍මට පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති රහස් ජන්දයෙන් රංජිත් සියඹලාපිටිය ජන්ද 148ක් ලැබූ අතර, සමගි ජනබල වේගය පක්ෂයෙන් ඉදිරිපත් වූ ඉම්තියාස් බාකීර් මාකර්ට හිමිවූයේ ජන්ද 65ක් පමණයි.

     

    Last modified on සෙනසුරාදා, 07 මැයි 2022 08:04

    Latest News