ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් පෙත්සමක්

ජූනි 08, 2022

    තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. 

    පෙත්සම්කාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසන්නේ පසුගිය මැයි මස නව වැනිදා කොල්ලුපිටිය මයිනා ගෝ ගම සහ ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගලවලට පහර දීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් තමාව නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නම් කර ඇති බවයි. 

    ඊට අදාළව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර තිබූ තිබෙන බවද ඔහු පවසයි. 

    නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ම සැකකරුවකු වශයෙන් නම් කොට අත්අඩංගුවට ගැනීමට සූදානම වන අතර එය නීතියට පටහැනි බවයි ඔහු පවසන්නේ.

    එබැවින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබේ. 

    එහි වග උත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ. 

    Latest News