හිටපු අමාත්‍ය ජොන්ස්ටන් CIDයට.....

මැයි 24, 2022

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (24) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

    පැය 05කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව අද (24) පස්වරුවේ ඔහු එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ. ගාලුමුවදොර අරගලයට ඉකුත් මැයි 09වැනිදා පහරදීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස පැමිණි බවයි, පොලිසිය පැවසූවේ. ඔහුගෙන් ප්‍රකාශයක් ලාබාගැනීමට ඊයේ දිනයේ පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණ ද හිටපු අමාත්‍යවරයා ඊයේ නොපැමිණි බවයි, පොලිසිය ප්‍රකාශ කළේ.

    Last modified on අඟහරුවාදා, 24 මැයි 2022 18:45

    Latest News