ශ්‍රි ලංකන් ගොඩනගන කමිටුවේ සභාපතිත්වය ඉරාන්ට (වීඩියෝ)

ජන 07, 2019
  • ශ්‍රි ලන්කන් ගුවන් සේවයේ පවතින ගැටලූ නිරාකරණය කර නව ප‍්‍රතිසංවිධානයකට අවශ්‍ය යෝජනා සහ අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.

    රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මහතාගේ මෙම කමිටුවේ සභාපති ලෙස නම් කර ඇත.

    සෙසු සාමාජිකයන් - ආචාර්ය හර්ෂ ද සිල්වා, ආචාර්ය නන්දලාල් වීරසිංහ, ආචාර්ය ධර්මරත්න හේරත්, මහාචාර්ය ඞී.බී.පී.එච්. දිසා බණ්ඩාර, වී. කනගසභාපති, එල්.එස්.අයි. ජයරත්න, විරාජ් දයාරත්න, මහේන් ගොපල්ලව, වසන්ත කුමාරසිරි, අජිත් අමරසේකර, තිසුරි වන්නිආරච්චි යන මහත්ම මහත්මීන් කටයුතු කරයි.

    ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්යන් පිළිබඳ පසුගිය 04 වනදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා කළ ප‍්‍රකාශය අනුව අද දින මෙම කමිටුව පත් කිරීමට පියවර ගැනිණි. ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය වැඩිදියුණු කිරීමට අදාළ යෝජනා සහ අදහස් අද සිට කමිටුවට භාරදීමට සියලූ පාර්ශ්වයන්ට අවස්ථාව හිමි වේ. සති දෙකක් තුළ කමිටුව විසින් අදාළ නිර්දේශ ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ යුතුවේ. එම නිර්දේශ සැලකිල්ලට ගනිමින් ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය පිළිබඳ ගතයුතු තීරණවලට ජනාධිපතිතුමා විසින් එළැඹීමට නියමිතයි. 

    අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී කමිටු සාමාජිකයන් වෙත පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමා ඔවුන් සමඟ සාකච්ඡාවකට ද එක් විය.

    Last modified on සදුදා, 07 ජනවාරි 2019 19:20

    Latest News