නාකොටික් නිලධාරීන් 13 දෙනා අගෝස්තු 31 තෙක් රිමාන්ඩ්

අගෝ 18, 2020

    හෙරොයින් තොග ජාවාරම් කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා ලබන 31 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (18) නියෝග කළේය.

    මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ දී සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණි.

    ඔවුන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා තිබෙන බවත් කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් අධිකරණයට ඉදිරිපත් නොකරන බවටත් අධිකරණයට වාර්තා කර තිබේ.

    ඉන් අනතුරුව පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳ ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට කරුණු වාර්තා කළේය.

    අනතුරුව සැකකරුවන් 13 දෙනා ලබන 31 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට මහේස්ත්‍රාත්වරයි නියම කළාය. එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

    Latest News