මෙරට පූර්ණ සුවය ලැබු සංඛ්‍යාව 2,670ක්

අගෝ 17, 2020

    කොවිඩ් 19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2,670 දක්වා ඉහළ ගොස් තිබේ.

    තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ, පුද්ගලයින් 212 දෙනෙක් පමණයි. ඊයේ මෙරටින් කොවිඩ් 19 රෝගින් තිදෙනෙක් වාර්තා විය.

    ඔවුන් සියලු දෙනා ඕමාන් සිට මෙරටට පැමිණි අයයි. කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්තාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව රෝගීන් 629 දෙනෙක් හඳුනාගනු ලැබූ අතර ඉන් 484 දෙනෙක් මේ වන විට පූර්ණ සුවය ලබා සිටියි. එම ප්‍රතිශතය 76.94ක්. තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින්නේ 145 දෙනෙක් පමණයි.

    Latest News