වන අලි ගම්වැදීම කඩිනමින් විසඳනවා; අමාත්‍ය ජොන්ස්ටන් (වීඩියෝ)

අගෝ 16, 2020
  • නිකවැරටිය ප්‍රදේශයේ වන අලි ගම්වැදීමේ ගැටලුව කඩිනමින් විසඳීමට පියවර ගන්නා බව, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

    ඒ පිළිබඳ සාකච්ජාවක් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්විණ. ඉඟිනිමිටිය ජලාශ රක්‍ෂිතයට ගාල්කර සිටින වන අලින් 100ක පමණ රංචුවක් ගම්වැදී වගාබිම් විනාශ කරන බව ප්‍රදේශවාසීන් පවසයි. එම අලි ඉඟිනිමිටිය රක්‍ෂිතයේ සිට පැමිණ රැඳී සිටින්නේ ගම්මානය ආසන්නයේ ඇති කුඩා කැලෑබද ප්‍රදේශවලයි.

    එම ඉඩම් පසුගිය සමයේ බලපත්‍ර මගින් ලබාදී තිබුණත් හිමිකරුවන් හෙළි-පෙහෙළි කිරීම් නොකරන බව ද, ජනතාව පවසයි. ඉඟිනිමිටිය රක්‍ෂිතයේ අනවසර වගා කිරීමේ ගැටලුවට තවත් ප්‍රධාන හේතුවක් බව ඊයේ පැවති සාකච්ජාවේදී ආනවරණය කෙරිණ.

    Last modified on ඉරිදා, 16 අගෝස්තු 2020 20:23

    Latest News