ජොන්ස්ටන් කුරුණෑගලින් 2වැනි ස්ථානයට

අගෝ 07, 2020

    ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඡන්ද එක් ලක්ෂ 99,203ක් ලබා ගනිමින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ දෙවැනි ස්ථානයට පත්ව තිබේ.

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ තුන්වැනි ස්ථානයට තේරී පත්ව ඇත්තේ මහාචාර්ය ගුණපාල රත්නසේකර මහතායි. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව එක් ලක්ෂ 41,991ක්

    දයාසිරි ජයසේකර මහතා එක් ලක්ෂ 12,452ක් ද, අසංක නවරත්න මහතා 82,779ක් ද වශයෙන් මනාප ඡන්ද හිමිකර ගෙන තිබේ. සමන් ප්‍රිය හේරත් මහතා හිමි කර ගත් මනාප ඡන්ද සංඛ්‍යාව 66,814ක්. ඩී බී හේරත් මහතා ඡන්ද 61,954ක් ලබා ගත්තේය. ජයරත්න හේරත් මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 54,351ක්. ශාන්ත බණ්ඩාර මහතා ඡන්ද 52,086ක් ලබා ගත් අතර, උඩුකුඹුරගේ සුමිත් මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 51,134ක්.

    මේ අතර සමගි ජනබලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ නලින් බණ්ඩාර මහතා පනාප ඡන්ද 75,631ක් ලබා ගත්තේය. ජේ සී අලවතුවල මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 65,956ක්. ඡන්ද 54512ක් ලබා ගනිමින් අශෝක් අබේසිංහ මහතා එම ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයට පත්ව තිබේ. තුෂාර ඉදුනිල් මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 49,364ක්.

    Last modified on සිකුරාදා, 07 අගෝස්තු 2020 10:31

    Latest News