ඉතිහාසගත ජයග්‍රහණයට ලෝක නායකයින්ගෙන් සුබ පැතුම්

අගෝ 07, 2020

    ඉතිහාසයේ විශිෂ්ටතම මැතිවරණ ජයග්‍රහණය අත්‌ කර ගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලෝක නායකයන්ගේ සුබ පැතුම්‌ පළ වෙමින්‌ තිබෙනවා.

    මහ මැතිවරණයේ අවසන්‌ නිල ප්‍රතිඵල නිකුත්වීමට පෙරාතුව මහින්ද රාජපක්‍ෂ මහතා වෙන දුරකතන ඇමතුමක්‌ ලබාදුන්‌ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහති සිය සුභාසිංසන පළ කළා. පසුව අගමැති මෝදි සිය ට්විටර්‌ ගිණුමේ සටහන්‌ කර ඇත්තේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ රජය සමග එක්ව ක්‍රියාකිරීමට ඉන්දීය රජය අපේක්‍ෂාවෙන්‌ පසුවන බවයි. දෙපාර්ශවය එක්ව දෙරට අතර සබඳතා පෙර නොවූ විරූ ඉහළ තලයක්‌ දක්වා ගෙන යාමට සමත්‌ වෙනු ඇතැයි ද, අගමැති නරේන්ද්‍ර මෝදි සඳහන්‌ කරනවා.

    ඊට පිළිතුරු වශයෙන්‌ ට්වුටර්‌ සටහන්‌ තැබූ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඉන්දීය අගමැතිවරයාට සිය කෘතඥනාව පළ කළා.

    අග්‍රාමාන්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වෙත සුබ පැතුම්‌ පළ කරමින්‌ ට්විටර්‌ සටහනක්‌ තබා ඇති මාලදිවයින්‌ ජනාධිපති ඊබුහිම් මොහොමඩ් සෝලිහ්‌ මහතා ප්‍රකාශ කරන්නේ, මෙය ද්වපාර්ශවික ශක්තිමත්‌ කිරීමේ සාධකයක්‌ බවයි. මේ ජයග්‍රහණය තුළින් ශ්‍රී ලංකාවේ ජනතාවට සෞභාග්‍ය උදාවනු ඇතැයි ද, මාලදිවයිනේ ජනාධිපතිවරයා විශ්වාසය පළ කරනවා.

    Last modified on සිකුරාදා, 07 අගෝස්තු 2020 11:52

    Latest News