මන්ත්‍රී ධුර 145ක් ලබා ගනිමින් පොදුජන පෙරමුණට විශිෂ්ඨ ජයක්..ජාතික ලැයිස්තුවෙන් 17ක්

අගෝ 07, 2020

    සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ මෙරට දේශපාලන ව්‍යාපාරයක් ලබා ගත් විශිෂ්ටතම ජයග්‍රහණයට හිමිකම් කීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී තිබේ.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ මන්ත්‍රී ධුරය සංඛ්‍යාව 145ක්. දිස්ත්‍රික්ක 22න් 18ක බලය අත්පත් කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්වීම විශේෂත්වයක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 68,53690ක්. එය සියයට 59.09ක අගයක්. 

    ජාතික ලැයිස්තුවෙන් හිමි වූ මන්ත්‍රීධුර 17 සමග පාර්ලිමේන්තුවේ ආසන 145කට හිමිකම් කීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී තිබේ.  

    Last modified on සිකුරාදා, 07 අගෝස්තු 2020 09:02

    Latest News