මැතිවරණ පැමිණිලි වාර්තා කිරීමට දුරකතන අංක

අගෝ 04, 2020

    පාර්ලිමේන්තු මැතිවරණය නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීමේ කාර්යයට බාධාවන සිද්ධි පිළිබඳව වාර්තා කිරීමට අවස්ථාව ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    ඒ සඳහා විශේෂ දුරකතන අංක සහ ෆැක්ස් අංක අදාළ පළාත්වලට හඳුන්වා දී ඇතැයි, එම කොමිසම නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කය සඳහා දුරකතන අංක 0112 86 96 97 හඳුන්වා දී තිබේ. එහි ෆැක්ස් අංකය වන්නේ 0112 86 97 51 යන්නයි.

    ගම්පහ සහ කලුතර දිස්ත්‍රික්ක සඳහා දුරකතන අංක 0112 86 96 74 ඇමතිය හැකිය. එහි ෆැක්ස් අංකය වන්නේ 011 2 86 97 48.

    මධ්‍යම පළාත සඳහා අදාළ දුරකතන අංකය 011 2 86 97 21 ලෙස ලබා දී තිබේ. 011 2 86 97 49 ෆැක්ස් අංකය ලෙස හඳුන්වා දී තිබේ.

    දකුණු පළාත සඳහා අදාළ දුරකතන අංකය 011 2 86 96 82 වන අතර, ෆැක්ස් අංකය වන්නේ 011 2 86 97 32 යන අංකයයි.

    උතුරු පළාත සඳහා ලබාදී ඇති දුරකතන අංකය 011 2 86 96 94 වන අතර, ෆැකැස් අංකය ලෙස 0112 86 97 68 යන අංකය ලබා දී තිබේ.

    නැගෙනහිර පළාත සඳහා අදාළ දුරකතන අංකය වන්නේ 0112 86 97 09 යන අංකයයි. ෆැකැස් අංකය වන්නේ 011 2 86 97 34 අංකයයි.

    වයඹ පළාත සඳහා 011 2 86 97 27 යන අංකය හඳුන්වා දී ඇති අතර, ෆැක්ස් අංකය වන්නේ 011 2 86 97 36 අංකයයි.

    උතුරු මැද පළාත සඳහා 011 2 86 96 63 යන අංකය හඳුන්වා දී ඇති අතර, ෆැක්ස් අංකය ලෙස දැක්වෙන්නේ 011 2 86 97 28 අංකයයි.

    ඌව පළාතේ දුරකකතන අංකය 011 2 86 97 12 ලෙස ලබාදී ඇති අතර, ෆැකැස් අංකය වන්නේ 011 2 86 97 52 අංකයයි.

    සබරගමුව පළාතේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි ලබා දීමට 011 2 86 97 13 අංකය ලබා දී තිබේ. එහි ෆැකැස් අංකය වන්නේ 011 2 86 97 73 අංකයයි.

    Latest News