අනුරුද්ධ සාම්පායෝ හෙට දක්වා රිමාන්ඩ් (වීඩියෝ)

අගෝ 03, 2020
  • ඊයේ අත්අඩංගුවට ගැනුණු, වැඩ තහනමට ලක්ව සිටින මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සාම්පායෝ මහතා හෙට දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගය කළේය.

    ඒ, ඔහු අද මීගමුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරිවරයා සමඟ ප්‍රධාන ජේලර්වරුන් දෙදෙනෙකු හා දෙවැනි පෙළ ජේලර්වරයෙකු අත්අඩගුවට ගන්නා ලෙස මීගමුව මහේස්ත්‍රාත්වරයා පසුගියදා වරෙන්තු නිකුත් කළේය. පළමුවෙන් දෙවැනි පෙළ ජේලර්වරයා පොලිසියට බාරවූ අතර, පසුව අනෙක් දෙදෙනා ද අත්අඩංගුවට ගැණින. බන්ධනාගාරගත රැඳවියෙකුට ශීතකරණයක්, විදුලි උඳුනක් ඇතුළු විශේෂ පහසුකම් සැලසීම සම්බන්ධයෙන් මෙම නිලධාරින්ට චෝදනා එල්ල වී තිබේ.

    Last modified on සදුදා, 03 අගෝස්තු 2020 20:24

    Latest News