ඊයේ මෙරටින් කිසිඳු ආසාදිතයෙන් නෑ

අගෝ 02, 2020

    කොවිඩ් 19 රෝගය වැළඳුණු කිසිඳු පුද්ගලයෙක් ඊයේ මෙරටින් වාර්තා නොවූ බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. රෝගය වැලදුණු පුද්ගලයින්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව 2,439ක්.

    ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පුද්ගලයෙකුට සහ ඔහුගේ බිරිඳට කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බවට හඳුනා ගැනීමත් සමග ඔවුන් සමීපතවම ඇසුරු කළ පුද්ගලයින්ගෙන් පීසීආර් පරික්ෂණ සඳහා අවශ්‍ය නියැඳි ලබා ගැනීම සිදු කෙරිණ.

    අද දිනයේත් පුද්ගලයින් 400 දෙනෙකුගෙන් පමණ පීසීආර් පරීක්ෂණ සදහා අවශ්‍ය නියැදි ලබා ගැනීම සිදු කරන බවයි, අප වාර්තාකරු පැවසුවේ.

    Last modified on ඉරිදා, 02 අගෝස්තු 2020 12:41

    Latest News