රන් භාණ්ඩ සමඟ සැකකරුවන් 4ක් නුගේගොඩින් අල්ලයි

ජූලි 30, 2020

    රන් භාණ්ඩ සමඟ සැකකරුවන් සිව් දෙනෙකු නුගේගොඩ අවට ප්‍රදේශවලින් ඊයේ අත්අඩංගුවට ගැණින.

    වැටලීම සිදු කළේ නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශ විසින්.

    සැකකරුවන් ගංගොඩවිල් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. දීර්ඝ කාලයක සිට මොවුන් මෙම ජාවාරමේ නිරත වී ඇති බව පොලිසිය පවසයි. සැකකරුවන් දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බව, පොලිසිය කියා සිටී. රන් භාණ්ඩවලට අමතරව ඔවුන් සතුව තිබූ ජංගම දුරකතන, වායු සමීකරණ යන්ත්‍ර සහ පරිගණක ද පොලිස් භාරගයට ගැණින.

    මේ අතර නීති විරෝධි ලෙස දීර්ඝ කාලයක් පවත්වා ගෙන ගිය මත්පැන් ස්කාගාරයක් වැටලීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඊයේ සමත්වූහ. ඒ, කළුතර මහාහීනිටියන්ගල ප්‍රදේශයේදී. සැකකරුවන් 9ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතර කාන්තාවන් සිව් දෙනෙක් ද වේ. සැකකරුවන් කලුතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News