බහරේන් රාජ්‍යයට ඇතුළුවන සියලු සංචාරකයින් හට PCR පරීක්ෂණය අනිවාර්යයි

ජූලි 30, 2020

    බහරේන් රාජ්‍යයට අතුළුවන සියලු සංක්‍රමණිකයින් PCR පරීක්ෂණය අනිවාර්ය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.

    බහරේන් රාජ්‍යයට පැමිණෙ සියලු සංක්‍රමණිකයින් තමන්ගේ මුදලින් බහරේන් ඩිනාර් 30 ක් ගෙවා කොරෝනා වෛරස රසායනාගාර පරික්ෂණයට බහරේන් ජාත්‍යන්තර ගුවන්තොටුපලදී ලක් විය යුතු බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

    රසායනාගාර පරීක්ෂණය සඳහා ගෙවීම් (be aware Bahrain) යන අයදුම්පත මඟින් බහරේන් රාජ්‍යයට පිටත්වීමට ගුවන්යානයට ගොඩවීමට පෙර සිදු කිරීමේ පහසුකම් ද සලසා ඇත.

    මීට අමතරව, බහරේන් ජාත්‍යන්තර ගුවන්තොටුපලෙහි පිහිටා ඇති කවුළු මඟින් එරටදී ගෙවීම් කටයුතු සිදු කළ හැකි බව ද දන්වා සිටියි.

    Latest News