නීති විරෝධී ගිනි අවියටත් ත්‍යගයක්

ජන 18, 2019

    නිතී විරෝධි ගිනි අවි අත්අඩංගුවට ගැනිමේදි විශේෂ ත්‍යාග මුදල් පිරිනැමීමට පොලිස් දෙපාර්තමේන්තුව තිරණය කර තිබේ.

    මේ වසරේ ජනවාර් පළමු වෙනිදා සිට මාර්තු 31 දක්වා නීති විරෝධ අවි අත්අඩංගුවට ගැනිමේ විශේෂ මෙහෙයුමක් දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ. මෙම මෙහෙයුමේදි ගිනි අවි අත්අඩංගුවට ගන්නා පොලිස් නිළදාරියාට සහ ඊට අදාල තොරතුරු ලබ දෙන්නාට ද මෙම ත්‍යාග මුදල් පිරිනැමන බව පොලිසිය පවසයි. නිතී විරෝධි ගිනි අවි අත්අඩංගුවට ගැනිම සිදුකර සති දෙකක් තුළ මෙම ත්‍යාග මුදල පිරිනැමීම සිදුවේ.

    නීති විරෝධි ගිනි අවි පොලිස් නිළධාරින් විසින් අත්අඩංගුවට ගත්ත ද තවත් එවැනි අවි විශාල ප්‍රමාණයක් රට තුළ තවදුරටත් පවතින බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

    police arrm

    policearrn 01

    Latest News