වතු කම්කරුවන් සහ හාම්පුතුන් අතර නොසන්සුන්තාවක්

ජන 04, 2019

    බගවන්තලාව වැවිලි සමාගමට අයත් හැටන් දික්ඔය වනරාජා තේ වතුයායේ තේ කර්මාන්ත ශාලාවේ ගබඩාවක සගවා තිබු නිමි තේ කොළ කිලෝ හාරදහසක් පමණ වතු කම්කරුවන් විසින් අද (04) සොයා ගැනිමත් සමග වතු කම්කරුවන් හා පාලන අධිකාරිය සමග දැඩි නොසන්සුන්කාරි තත්ත්වයත් ඇති විය.

    එම තේ කර්මාන්ත ශාලාවෙන් පිටත ගබඩා කාමරයක පොලිතින් උරවල බහා වතු පාලන අධිකාරියට නොදන්වා තේ කර්මාන්ත ශාලාවේ කළමණාකාරවරයා විසින් රු ලක්ෂ 20 පමණ වටිනා හොද වර්ගයේ නිමි තේ කොළ තොගය රහසිගතව අලෙවි කිරිම සදහා ගබඩා කර තිබු බවයි වතු කම්කරුවන් කියා සිටින්නේ. 

    වතු කම්කරුවන්ගේ නොසන්සුන්කාරි තත්ත්වය හමුවේ වතුකරයේ ප්‍රධාන වෘත්තිය සමිති කිහිපයක දේශපාලඥයින්ද තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටට පැමිණ වතු පාලන අධිකාරිය සමග සාකච්ඡා පැවැත් වු අතර එහිදි වතු පාලන අධිකාරිය වතු කම්කරුවන්ට සහ දේශපාඥයින්ට පවසා ඇත්තේ තේ කර්මාන්ත ශාලාවේ තිබිය යුතු නිමි තේ කොළ ප්‍රමාණයට වඩා අමතර නිමි තේ කොළ ප්‍රමාණයක් සගවා තිබිම සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවයි.

    සගවා තිබු නිමි තේ කොළ සම්බන්ධයෙන් තේ කර්මාන්ත ශාලාවේ කළමණාකාරවරයා එරෙහිව පරික්‍ෂණයක් ආරම්භ කරන බවද වතු පාලන අධිකරිය වතු කම්කරුවන්ට දැනුම් දි තිබේ.

    වතු කම්කරුවන් කියා සිටින්නේ තමන්ගේ දෛනික මුලික වැටුප රු.1000 දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම්වලින් කරන ලද ඉල්ලිම්වලට වතු සමාගම් එකඟතාවය පල නොකරමින් වතු සමාගම් පවසා ඇත්තේ තම සමාගම් පාඩු ලබන නිසා එම මුලික වැටුප ලබා දිය නොහැකි බවයි.

    රහසිගත ලෙස නිමි තේ කොළ අලෙවි කර වතු පාලන අධිකාරියේ ඇතැම් පිරිස් මෙසේ අයථා ලෙස මුදල් විශාල වශයෙන් ලබා ගනිද්දි තමන් අඩු වැටුපකට වතුකරයේ තවදුරටත් වැඩ කරන බව වතු කම්කරුවන් කියා සිටියි.

    සගවා තිබු නිමි තේ කොළ සම්බන්ධයෙන් අප බගවන්තලාව වැවිලි සමාගමේ ප්‍රාදේශිය ප්‍රධාන විධායක නිලධාරි මංජුල සමරකොන් මහතාගෙන් අපකල විමසුමකට ඔහු කියා සිටියේ තේ කර්මාන්ත ශාලාවේ කළමණාකාරවරයා ඇතුළු තවත් නිලධාරින් කිහිප දෙනෙකු එක් වි නිමි තේ කොළ සොරකම් කිරිමට උත්සහ දරා ඇති බවයි.

    ඒ සම්බන්ධයෙන් එම නිලධාරින්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ගයක් ගන්නා බවද මංජුල සමරකෝන් මහතා කියා සිටියේ.

    Last modified on සිකුරාදා, 04 ජනවාරි 2019 19:02

    Latest News