රට රස්සාවට යන ශ්‍රමිකයින්ගේ සුභ සාධන පුළුල් කෙරේ

ජූලි 01, 2019

    විදේශ රැකියා සදහා යොමුවන ශ්‍රමිකයින් වෙනුවෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබාදෙන ප්‍රතිලාභ පුළුල් කිරීම සදහා කාර්යාංශය, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව හා මහජන බැංකුව සමග සාකච්ඡා පැවැත් විණ. එහිදී පෙර විගමණික ණය, ස්වයං රැකියා ණය හා නිවාස ණය මුදල් ලබාදීම පිළිබදව මූලික වශයෙන් සාකච්ඡාට ලක්විය.

    රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ නියෝජිතයින් සමග දැනට ක්‍රියාත්මක ණය යෝජනා ක්‍රමයේ අඩුපාඩු හා ණය මුදල වැඩි කර ගැනීමත්, ශ්‍රමිකයින්ගේ ආයෝජන අවස්ථා වැඩි කරගැනීමට උපකාර කිරීමත් යන කරුණු පිළිබදව සාකච්ඡා කරන ලදී.

    මහජන බැංකුවේ නියෝජිතයින් සමග දැනට ලබාදෙන රු.50,000 පෙර විගමණික ණය රුපියල් ලක්ෂ 5 දක්වා වැඩිකර ගැනීමටත් නිවාස ණය රුපියල් ලක්ෂ 5 දක්වා වැඩි කර ගැනීමටත් සාකච්ඡා විය. එසේම අකර්මන්‍ය වී ඇති ස්වයං රැකියා ණය ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබදවත් දෙපාර්ශවය අතර සාකච්ඡාවට ලක්කරන ලදී. මෙම කරුණු පිළිබදව බැංකු ආයතන 2ම ධනාත්මක ප්‍රතිචාර දැක්වූ අතර, ඉදිරියේදී වඩාත් පහසු නීතිරීති යටතේ මෙම යෝජනාවන් ක්‍රියාත්මක කිරීමටත් එකග විය.

    මෙම අවස්ථාවට කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරීනි කිෂෝලි පෙරේරා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සමාජ සංවර්ධන) පී.පී.වීරසේකර, සුභසාධන අංශයේ කළමනාකරු අනුර කුමාර සූරියආරච්චි හා බැංකු ආයතන දෙකෙහි නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    Last modified on සදුදා, 01 ජූලි 2019 14:39

    Latest News